රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව යළි සක්‍රිය කරන්නැයි අගමැතිගෙන් නියෝග

පාඩු ලබන රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව යළි සක්‍රීය තත්ත්වයට පත් කිරීමට වහා කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ බලධාරීන්ට නියෝග කර තිබෙනවා.

අරලියගහ මන්දිරයේ ඊයේ පැවති සාකච්ඡාවකදී හෙළි වී ඇත්තේ පසුගිය රජය සමයේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඔස්සේ අත්තනෝමතික ලෙස ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කර ඇති නමුත් ඒවායෙන් ලැබිය යුතු රුපියල් බිලියන ගණනක මුදල් මේ දක්වා අය වී නොමැති බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඉදිකිරීම් සඳහා ද රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවය ලබාගෙන ඇති බව ද මෙහිදී හෙළි වුණා.

ඒ සඳහා ද ගෙවීම් මෙතෙක් සිදුකර නොමැති බවයි කරුණු අනාවරණ වුණේ.

එසේම සුදුසුකම් රහිත පත්වීම් සහ උසස්වීම් ලබාදීම හේතුවෙන් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව තුළ මේ වන විට සේවක අර්බුදයක් ද හටගෙන තිබෙනවා.