සංචරණ සීමා දීර්ඝ කෙරේ
මේවන විට ක්‍රියාත්මක සංචරණ සීමා මේ මස 21 වනදා තෙක් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව එම සංචරණ සීමා එළඹෙන 14 වනදා ඉවත් නොකෙරෙන අතර එය මේ මස 21 වනදා අලුයම 04 දක්වා බලපැවැත්වෙනු ඇත.
කෙසේ වෙතත් සංචරණ සීමා ක්‍රියාත්මක වන කාලය තුළ අත්‍යවශ්‍ය සේවා ඇතුළු තවත් සේවාවන් කිහිපයක් සඳහා අවසර ලබාදීමට තීරණය කර ඇතැයි යුද හමුදාපතිවරයා සඳහන් කළේය.