ඉන්ධන මිල වැඩි කිරීමෙන් බස් කර්මාන්තය තවදුරටත් ගැටළුකාරී තත්ත්වයක
ඉන්ධන මිල ගණන් ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන බව රජය නිවේදනය කළා.
ඒ අනුව සිපෙට්කෝ අලෙවිසැල්වල ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින් ඉහළ දමා ඇති අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 23 කින් ඉහළ දමා තිබෙනවා.
ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 07 කින් ඉහළ දමා ඇති අතර, සුපර් ඩීසල් ලීටරයක මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 12 කින්.
භූමි තෙල් ලීටරයක මිල ද රුපියල් 07 කින් ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල දැක්වෙන්නේ රුපියල් 157ක් ලෙසටයි.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 184 ක් වන අතර, ඩීසල් ලීටරයක නව මිල දැක්වෙන්නේ රුපියල් 111 ක් ලෙසටයි.
සුපර් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 144 ක් වන අතර, භූමි තෙල් ලීටරයක නව මිල දැක්වෙන්නේ රුපියල් 77ක් ලෙසටයි.
මේ අතර, අයි.ඕ.සී. සමාගම ද ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබෙනවා.
සිපෙට්කෝ මිල ගණන්වලට ගැලපෙන පරිදි තම අලෙවිසැල්වල පෙට්‍රල් සහ ඩීසල් මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නැංවූ බවයි ලංකා අයි.ඕ.සී. සමාගම ප්‍රකාශ කළේ.