පිටිය මැද යකා නැටූ ශකීබ් සමාව අයදීයි

බංග්ලාදේශයේ ඩකාහිදී පැවති තරඟයක් අතරතුර විනිසුරු ලබා දුන් තීරණයට එරෙහිව පිටිය මැද ප්‍රකෝපකාරී වෙමින් අශෝබන ලෙස හැසිරුණු ශකීබ් අල් හසන් අදාළ සිදුවීම ගැන සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සියළු දෙනාගෙන් සමාව අයද සිටිනවා.

තමන් වැනි ජේෂ්ඨ ක්‍රීඩකයකුගෙන් මෙවැනි සිදුවීමක් සිදුවීම කණගාටුවට කරුණක් බවත්, මින් ඉදිරියේදී එවැනි දෙයක් සිදුනොවීමට වගබලා ගන්නා බවත් ශකීබ් වැඩිදුරටත් සදහන් කරනවා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

තරඟය අතරතුර විනිසුරු ලබා දුන් තීරණයට එරෙහිව වූ ශකීබ් මෙලෙසින් විරෝධය පළ කළේ පිටියේ විනිසුරුවරයාට බැනවදිමින් සහ එම අන්තයේ තිබූ කඩුල්ලට ද දැඩි ආවේගයෙන් යුතුව පා පහරක් එල්ල කරමින්.

එම ක්‍රියාවෙන් නොනැවතුණු ඔහු යළිත් වරක් පිටියේ විනිසුරුන්ට බැනවදිමින් කඩුල්ලේ ඉනි තුනම ගලවා පොළොවේ ගසා සිය විරෝධය පළ කළේ තරඟය වර්ෂාව හේතුවෙන් අත්හිටුවන්නට විනිසුරුවරුන් විසින් ගත් තීරණය හේතුවෙන්.

ජාත්‍යන්තර ක්‍රීඩා විස්තර විචාරයකයින් විසින් ශකිබ්ගේ මෙම ක්‍රියාව පෙන්වා දුන්නේ නොහොබිනා මෙන්න ක්‍රීඩාවේ ජීවගුණයට ද හානිකළ සිදුවීමක් බවටයි.