පාපන්දු තරගයක් අතර ඩෙන්මාර්ක් ක්‍රීඩක ක්‍රිස්ටියන් එරික්සන් හදිසියේ ඇද වැටී රෝහල් ගතකරයි
ඩෙන්මාර්ක් පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වන ක්‍රිස්ටියන් එරික්සන් තරගයක් අතරතුර ඇතිවූ හදිසි රෝගී තත්වයක් හේතුවෙන් රෝහල් ගතකර තිබෙනවා.
ෆින්ලන්ත කණ්ඩායම සමග පැවති තරගයක් අතරතුර පාපන්දුව සිරුරේ වැදීමත් සමග ඔහු ඇද වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කෙසේවෙතත් 29 හැවිරිදි ක්‍රිස්ටියන්ගේ තත්වය බරපතල නොවන බව වෛද්‍යවරුන් ප්‍රකාශකර තිබෙනවා.
මෙම ක්‍රීඩකයාගේ අසනීප තත්වය හේතුවෙන් තාවකාලිකව නතර කෙරුණු තරගය යළි මුල සිට ආරම්භ කළ අතර ඉන් ෆින්ලන්ත කණ්ඩායම එකට බින්දුවක් ලෙස තරගය ජයග්‍රහණය කළා.