මොරටුව ,පානදුර,හෝමාගමට නිරෝධායන ඇඳිරි නීතිය

මොරටුව ,පානදුර , හෝමාගම යන පොලිස් බල ප්‍රදේශවලට වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පනවා ඇති බව යුදහමුදාපතිි ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

පානදුර කෙසෙල්වත්ත පොදු වෙළෙඳ සංකීර්ණයේ මාළු වෙළෙන්ඳෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මීට පෙර හඳුනාගෙන තිබුණි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

පසුව සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලදී පානදුර උතුර සහ දකුණ යන ප්‍රදේශවල නව ආසාදිතයින් 12 දෙනෙකු හඳුනාගෙන තිබේ.

මේ අතර, රත්නපුර පලාබැද්දල ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් 09 ක් මේවන විට හුදකලා කර තිබේ.

මෙලෙස හුදකලා කර ඇත්තේ ගිලීමලේ ,උතුරුගිලීමලේ , දකුණු ගිලීමලේ, කැටවල, ශ්‍රී පලාබද්දල, මල්වල, සිරිපාගම, ඇඹුල්දෙණිය සහා මාතලාන යන ග්‍රාමසේ වසම් නවයයි.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ආශ්‍රිතයෙකු ඇතුළු ඔහුගේ පවුලේ 07 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග එම ප්‍රදේශ හුදකලා කර තිබේ.

එම අසාදිතයින් අතර 09 ක බිළිඳෙකු ද සිටින බව වාර්තා වේ.