බෙන්ජමින් නෙතන්යාහුගේ වසර 12ක පාලනය අවසන් වී, බෙනට්ගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුවක්
ඊශ්‍රායල් පාර්ලිමේන්තුව බෙනට්ගේ නායකත්වයෙන් යුතු රට වෙනස් කිරීමේ සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමත් සමගින් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ වසර 12ක පාලනය අවසන් වී තිබේ.
අලුතින් තේරී පත් වූ සන්ධානය, වාමාංශික, මධ්‍යස්ථ, දක්ෂිණාංශික සහ අරාබි පක්ෂවලින් සමන්විතය.
කෙසේ වෙතත් මෙම සියලු පක්ෂවලට සන්ධානයක එකට වැඩ කිරීමේ පොදු අභිලාෂයකට වඩා නෙතන්යාහු නෙරපා හැරීමේ අභිලාෂයක් පැවති බව දේශපාලන විචාරක මතය වී තිබේ.
නව අගමැති ලෙස බෙනට් දිවුරුම් දීමට පෙර පාර්ලිමේන්තුව අමතමින්, නෙතන්යාහු තමා නිහඬව පිටව නොයන බව අඟවමින්, “අපට විපක්ෂයට යාමට නියම වී ඇත්නම්, එය පෙරළා දැමිය හැකි වන තෙක් අපි හිස ඔසවාගෙන සිටිනවා. එය බොහෝදෙනා සිතනවාට වඩා ඉක්මණින් සිදුවනු ඇති.” යනුවෙන් පවසා ඇත.
පාර්ලිමේන්තුවේදී නෙතන්යාහුගේ පිරිවර විසින් “බොරුකාරයා” සහ “ලැජ්ජයි” යනුවෙන් නොනවතින කෑගැසීම්වලින් බාධා පැමිණියද, නව අග්‍රාමාත්‍ය බෙනට් සිය කතාවේදී, හිටපු ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාට සහ රජයට දීර්ඝ හා ජයග්‍රහණවලින් පිරුණු සේවය වෙනුවෙන් ස්තූති කිරීම ද විශේෂ සිද්ධියක් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඊශ්‍රායලය සහ පලස්තීන සටන්කාමී කණ්ඩායම වන හමාස් සංවිධානය පසුගිය මාසයේ සතියකට අධික කාලයක් පුරා දැඩි යුද්ධයක නිරත වූ අතර, දෙපාර්ශ්වයම සිවිල් වැසියන්ට හානි කිරීම සම්බන්ධයෙන් විවේචනයට ලක් විය.
මෙම නව සන්ධාන ගිවිසුම යටතේ ඕතඩොක්ස් යුදෙව්වෙකු හා තාක්ෂණික ක්ෂේත්රයේ කෝටිපතියෙකු වන බෙනට් 2023 වසරේදී ජනප්‍රිය හිටපු රූපවාහිනී නිවේදකයෙකුද වන මධ්‍යස්ථ මතධාරී යායර් ලැපිඩ් වෙත අගමැති ධුරය පිරිනමනු ඇත.
නව රජය බොහෝ දුරට සැලසුම් කර ඇත්තේ පලස්තීනුවන් සඳහා වන ප්‍රතිපත්තිය වැනි උණුසුම් බොත්තම් ජාත්‍යන්තර කාරණා සම්බන්ධයෙන් පුළුල් පියවර ගැනීම වළක්වා ගැනීමට සහ දේශීය ප්‍රතිසංස්කරණ කෙරෙහි වැඩි අවධානය යොමු කිරීමට බව කියැවේ.
මේ අතර ඊශ්‍රායලය වෙත සැමදා සහාය දක්වන එක්සත් ජනපදය වෙනුවෙන් එරට වත්මන් ජනාධිපති ජෝ බයිඩන් බෙනට් හා ලැපිඩ් ප්රමුඛ නව කැබිනට් මණ්ඩලයේ සෙසු අයට සුබ පැතා තිබීම ද විශේෂිතය.
රටවල් දෙකක් අතර සමීප හා කල් පවත්නා සම්බන්ධතාව ශක්තිමත් කිරීම සඳහා බෙනට් සමග කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද බයිඩන් පවසා තිබේ.