තෙල් මිල ගැන අද කැබිනට් මණ්ඩලයේ අවධානය
වැඩි වූ ඉන්ධන මිල යළි සංශෝධනය කිරීමේ හැකියාව පිළිබඳව අද (14) රැස්වන අමාත්‍ය මණ්ඩලයේදී සලකා බැලීමට නියමිත බවට රජයේ ආරංචි මාර්ග අනාවරණ කළා.
අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (14) පස්වරු 05 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවත්වීමට නියමිතයි.
ඉන්ධන මිල සංශෝධනය කිරීමට පසුගියදා රජය තීරණය කළ අතර ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 23 කින්, ඩීසල් ලීටරයක මිල රුපියල් 07 කින්, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 12 කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 07 කින් ඉහළ ගියා.