ගිනිගත් නැවේ අපද්‍රව්‍ය විනාශ කිරීම ගැන තවම තීන්දුවක් නැහැ – ධීවරයන්ට හෙට සිට වන්දි
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වු ගින්නෙන් මෙරටට සිදුවු බලපෑම හා හානිය සම්බන්ධයෙන් වන්දි ලබාගැනීමට අමතරව නෛතික කටයුතු පිළිබඳ විශේෂ සාකච්ජාවක් අද (14) පැවැත්වීමට නියමිතයි.
ඒ, අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතිඥ අලි සබ්රි සහ රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයේදීයි.
මේ අතර, එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නත් සමඟ ජීවනෝපාය අහිමිවු ධීවර පවුල්වලට හෙට සිට රුපියල් 5000 දීමනාව ලබාදීමට බලාපොරොත්තු වන බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් ප්‍රකාශ කළා.
ඊට අදාල කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බවයි දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළේ.