ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතයන් 70,000 ට අඩුවෙයි

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුල ඉන්දියාවෙන් තවත් කොරෝනා ආසාදිතයන් 70,421 ක් වාර්තා වූ අතර ඒ අනුව එරට මුළු ආසාදිත සංඛ්‍යාව 29,510,410 ඉක්මවනවා.

එමෙන්ම, ඊයේ වාර්තා වූ කොරෝනා මරණ 3921 ක් සමඟින් ඉන්දියාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව ද 374,305 දක්වා ඉහළ ගියා.

ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ සටහන් වූයේ පසුගිය අප්‍රේල් පළවනදායින් පසු වාර්තා වූ අවම වර්ධනය ලෙසින්.

මේ අතර, දිල්ලි ප්‍රධාන අමාත්‍ය අරවින්ද් කෙජ්රිවාල් ප්‍රකාශ කළේ ප්‍රාන්තයේ කොරෝනා පාලනය වැඩි දියුණු වීමක් දක්නට ලැබෙන බැවින් අද සිට වෙළඳ සංකීර්ණ, අවන්හල්, කොණ්ඩා කැපීමේ ස්ථාන සහ ආගමික ස්ථාන සෞඛ්‍ය මාර්ගෝපදේශනවලට යටත්ව විවෘත කරන බවයි.