යුරෝපා සංගම් යෝජනාවට ලක් රජයේ කනගාටුව
“ශ්‍රී ලංකාවේ තත්වය, විශේෂයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම්” යන මාතෘකාවෙන් යුත් යෝජනාවේ අසත්‍ය කරුණු අඩංගු වන අතර ප්රතිසන්ධානය හා සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාව ලබා ඇති බහුවිධ ප්‍රගතිය පිළිබඳ අවබෝධයක් ලබා ගන්නා ලෙසයි විදේශ අමාත්‍යාංශය පවසන්නේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කරන ලෙස ඉල්ලා යුරෝපා සංගම් පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් පසුගිය 10 වනදා සම්මත කර තිබුණා.
මන්ත්‍රීවරුන් 705 දෙනෙකුගෙන් සමන්විත යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ අදාළ යෝජනාවට පක්ෂව ඡන්ද 628 ක් ලැබී තිබූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
යෝජනාවට විරුද්ධව ඡන්ද 15 ක් ලැබුණු අතර, 40 දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියා.
මෙම යෝජනාවෙන් ඉල්ලා ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කිරීමෙන් පසු අවලංගු කර ජාත්‍යන්තර ත්‍රස්තවාදී පිළිවෙත් අනුගමනය කරන ත්‍රස්ත විරෝධී නීති මගින් එය ප්රතිස්ඨාපනය කරන ලෙසයි.
එමෙන්ම ශ්‍රී ලංකාවට ලබාදී ඇති ජී.එස්.පී. ප්ලස් බදු සහනය තාවකාලිකව අත්හිටුවන ලෙස යුරෝපා සංගම් පාර්ලිමේන්තුව යුරෝපා සංගම් කොමිසමෙන් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.