පළාත් රෝහල් නවයක් සෞඛ්‍ය අමාත්‍යංශයට පවරා ගැනේ
ඒ අනුව ශ්‍රී ලංකා ජාතික රෝහලේ පවතින වෛද්‍ය ප්‍රතිකාර ශල්‍යාගාර සහ රසායනාගාර පහසුකම් වලට සමාන පහසුකම් වැඩි දියුණු කිරීමට යෝජිත රෝහල් තුළත් ප්‍රතිෂ්ඨාපනය කිරීමට නියමිතයි.
මේ වන විට පළාත් සභා මගින් පාලනය කෙරෙන මාතලේ, නාවලපිටිය, ඇඹිලිපිටිය, අවිස්සාවේල්ල, ගම්පහ, මන්නාරම, වවුනියාව, කිලිනොච්චිය සහ මුලතිව් යන දිස්ත්‍රික් මහා රෝහල් මෙලෙස නවීකරණය කෙරෙනු ඇති.
එමෙන්ම එම මහා රෝහල් සෞඛ්‍ය අමාත්‍යංශයේ පාලනය යටතට පත් කිරිමත්මත් මෙම කැබිනට් යෝජනාව යටතේ සිදු කෙරෙනවා.