සෙසු පොදු සෞඛ්‍ය සේවයටත් 7,500ක දීමනාවක් ?

වෛද්‍ය සේවාවේ පමණක් දීමනා වැඩිකිරීම හේතුවෙන් සිදුවන අසාධාරණය මගහැරවීම සඳහා රුපියල් 7,500ක දීමනාවක් අනෙකුත් පොදු සෞඛ්‍ය සේවයට ලබාදීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වන බව සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති කමිටුව පවසනවා.

ඊයේ (14) පැවති අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේදී ද ඒ පිළිබඳව අවධානය යොමුකර ඇති බවයි එහි සම කැඳවුම්කරු රවී කුමුදේශ් කියා සිටියේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරිය සමඟ අද (15) දිනයේ සාකච්ඡාවක් පැවැත්වීමටද නියමිත බවද ඔහු ප්‍රකාශ කළා.