දහතුන්ලක්ෂයකට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදෙයි
මේ වනවිට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් දහතුන් ලක්ෂ 26,784 කට ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළා.
ඒ අනුව ඊයේ දිනයේදී පමණක් එන්නතේ පළමු මාත්‍රාව 31,440 කට ලබාදී තිබෙනවා.
එහි දෙවන මාත්‍රාව ලබාදුන් සංඛ්‍යාව 66,463 ක්.
මීට අමතරව ස්පුට්නික් එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ පුද්ගලයින් 1,576 දෙනෙකුට ලබාදී තිබෙනවා.