සංචරණ සීමා කැඩීමට අන්තරේ සැරසේ
කොතලාවල පෞද්ගලික විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට උත්සාහ කළහොත් සංචරණ සීමා නොතකා මෙරට ශිෂ්‍ය ව්‍යාපාරය පෙළ ගස්වන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා.
කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි කැදවුම්කරු වසන්ත මුදලිගේ ප්‍රකාශ කළේ මෙම පනත් කෙටුම්පත ලබන 22 වන දා ආරක්ෂක අමාත්‍යාංශ කාරක සභාවට ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට ආණ්ඩුව උත්සාර දරමින් සිටින බවයි.