කිලෝ 12.5 ගෑස් සිලින්ඩර සොයා ඊයෙත් මෙහෙයුම්
කිලෝ 12.5 එල් පී ගෑස් සිලින්ඩර වෙළඳසැල්වල නැති බව පාරිභෝගික අධිකාරිය ලැබුණු තොරතුරක් මත ඊයේ පාමංකඩ ප්‍රදේශයේ ගෑස් අලවිසැල් පරීක්ෂාවකට ලක් කෙරුණා.
එහිදී පාරිභෝගික අධිකාරියේ එක් නිලධාරීයෙකු සාමාන්‍ය පුද්ගලයකු ලෙස අදාල වෙලඳසැල් වෙත ගොස් ලොකු ප්‍රමානයේ සිලින්ඩර ඉල්ලූ විට කඩහිමියා ප්‍රකාශ කර ඇත්තේ එම ප්‍රමාණයේ ගෑස් සිලින්ඩර නොමැති බවයි.
පසුව පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් සිය අනන්‍යතාව පෙන්වා වෙලඳසැල පරික්ෂා කල විටදී එම ප්‍රමාණයේ ගෑස් සිලින්ඩර 27 එම අලෙවිසැලේ තිබී සොයා ගැනුනා.
තමන් සන්තක භාණ්ඩ තබා ගෙන පාරිභෝගිකයා නොමග යැවීම වරදක් බව පෙන්වා දුන් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් අදාල වෙලඳසැල් හිමියාට නඩු පැවරීමක් සිදු කලා.
මේ අනුව එම සැලේ හිමිකරු මාලිගාකන්ද උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මහේස්ත්‍රාත් වරයාගේ උපදෙස් මත ඔවුන්ට ඉදිරි නීති ක්‍රියාමාර්ග ගන්න බවයි පාරිභෝගික අදිකාරියේ නිලධාරීන් කියා සිටියේ.
මේ අනුව එම වෙලඳසැලේ හිමිකරු මාලිගාකන්ද උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතයි.