කොරියානු රැකියාලාභීන්ට කඩිනමින් එරටට යාමට පහසුකම් සපයන බවට සහතිකයක්

දකුණු කොරියාවේ රැකියා සඳහා සුදුසුකම් ලබා ඇති මෙරට තරුණ තරුණියන්ට එරටට යාමට අවශ්‍ය පහසුකම් කඩිනමින් සපයන බව ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති වොන්ජින් ජියොන් ප්‍රකාශ කළා.

ඒ, විදේශ අමාත්‍යවරයා සමඟ විදේශ අමාත්‍යාංශයේ අද පැවති සාකච්ඡාවකදියි.

කොරියාවේ රැකියා සඳහා සුදුසුකම් ලබා ඇතත් පවතින තත්ත්වය හමුවේ එම කටයුතු ප්‍රමාද වීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට බදුන් වී තිබෙනවා.