නීති විරෝධිව මෙරටට ගෙනා වියළි කහ සහ බීඩි කොළ තොගයක් අත්අඩංගුවට
මන්නාරම – කොන්තපිඩ්ඩි හා සිලාවතුර වෙරළ ප්රදේශවල සිදුකළ විශේෂ මෙහෙයුමකදී වියළි කහ කිලෝ 370කට අධික ප්රමාණයක් සමඟ දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
එසේම බීඩි කොළ 294කට අධික ප්රමාණයක් ද සිය භාරයට ගත් බවයි නාවික හමුදාව ප්රකාශ කළේ.
අදාළ ප්රදේශය ආශ්රිතව සැක කටයුතු ලෙස හැසිරුණු පුද්ගලයන් දෙදෙනෙකු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව සිදුකළ විමර්ශනයකදී මළු 13 ක අසුරා තිබූ කහ සහ මළු 3 ක අසුරා තිබූ බීඩි කොළ හමුවී තිබෙනවා.
මේවා ඉන්දියාවේ සිට මෙරටට ගෙන එන්නට ඇති බවට සැක කෙරෙන අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයින් අවුරුදු 33 සහ 34 යන වයස්වල පසුවන මන්නාරම ප්රදේශයේ පදිංචිකරුවන්.