කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාවෙන් සියයට 61 ක ආරක්ෂාවක්
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව සියයට 61 ක සාර්ථකත්වයක් පෙන්නුම් කරන බව අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා.
ඉන්දියාවේ සිදුකළ අධ්‍යයනයකින් මේ බව තහවුරු වී ඇති බවයි එරට ජාතික කොරෝනා ක්‍රියාකාරී කමිටුවේ ප්‍රධානී ආචාර්ය එන්.කේ. අරෝරා ප්‍රකාශ කර ඇත්තේ.
සීග්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා ප්‍රභේදයට කොවිෂීල්ඩ් එන්නත මෙලෙස සාර්ථක ප්‍රතිචාර දක්වන බව අදාළ අධ්‍යයනය මගින් පෙන්වාදී තිබෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර තිබුණේ සති 6 ත් 8 ත් අතර කාලය තුළ කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාගැනීම වඩා සුදුසු බවයි.