පැතිරීම දෙගුණයකින් වේගවත් – ඉන්දීය ප්‍රභේදය ලංකාවේ
ඉන්දියාවේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන G.1.617.2 ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයන් පස් දෙනෙකු කොළඹ දෙමටගොඩ ප්‍රදේශයෙන් හමුවූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශල්‍ය ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටිනවා.
එම පණිවුඩයේ දැක්වෙන්නේ මෙම ප්‍රභේදය දැනට මෙරට තුළ ව්‍යාප්තව ඇති B 117 ප්‍රභේදයට වඩා අතිශය බරපතළ හානි ගෙනදෙන බවත් එය දෙගුණයක වේගයකින් ව්‍යාප්ත වන බවයි.
මේ වන විට ලොව පුරා සීග්‍රයෙන් පැතිර යන ඉන්දීය කොරෝනා ප්‍රභේදය වන ඩෙල්ටා (B1.6.617.2) ප්‍රභේදයේ නව විකෘති ප්‍රභේදයක් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ඩෙල්ටා ප්‍රභේදයටත් වඩා වේගයෙන් පැතිර යන බව පැවසෙන මෙම ප්‍රභේදය නම් කර ඇත්තේ AY.1 හෙවත් ඩෙල්ටා ප්ලස් නමින්.
දැනට මෙම ප්‍රභේදයේ රෝගීන් 63 දෙනෙකු ලොව පුරා හඳුනාගෙන ඇති අතර ජුනි 11 වැනි දින ඉන්දියාව විසින් නිකුත් කල කොවිඩ් වාර්තාවේ මෙම නව ප්‍රභේදය ආසාධනය වූ රෝගීන් 6 දෙනෙකු එරටින් වාර්ථා වී තිබුනා.
මෙයට අමතරව කැනඩාව,ජර්මනිය,රුසියාව යන රටවලින් වාර්තා වී තිබුනේ මෙම ප්‍රභේදයේ එක රෝගියෙකු බැගිනුයි.
එමෙන්ම නේපාලයෙන් රෝගීන් 2ක්,ස්විස්ටර්ලන්තයෙන් 4ක්,පෝලන්තයෙන් 9,පෘතුගාලයෙන් 12ක්,ජපානයෙන් 13ක් සහ අමෙරිකාවෙන් 14ක් ලෙසින් ගෝලීයව රෝගීන් වාර්ථා වී තිබුනා.
කෙසේ වෙතත් සෞඛ්‍ය බලධාරීන් බිය පල කරන්නේ මෙම ප්‍රභේදය පවතින කොවිඩ් මර්ධන එන්නත් කෙරෙහි යහපත් ප්‍රතිචාර නොදක්වනු ඇති බවටයි.