TNA නියෝජිතයන් ඉන්දීය මහකොමසාරිස් හමුවෙයි
දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ හමුවී සාකච්ඡා කර තිබෙනවා.
ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේ සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් ඇතුලු 5 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් මෙම සාකච්ඡාවට එක්වූ බවයි.
මෙහිදී බලය බෙදීම සහ උතුරු නැගෙනහිර පළාත් ඇතුලුව ශ්‍රී ලංකාවේ සංවර්ධනය පිළිබඳ සාකච්ඡාවී තිබෙනවා.
13වන ව්‍යවස්ථා සංශෝධනය අනුව සමානාත්මතාවය, යුක්තිය, සාමය සහ අභිමානය උදෙසා දමිළ ප්‍රජාවගේ අභිලාෂයන් ආමන්ත්‍රණය කෙරෙන ශ්‍රී ලංකාවේ සංහිඳියාව වෙනුවෙන් ඉන්දියාවේ දිගු කාලීන සහයෝගය මහකොමසාරිස්වරයා මෙහිදී අවධාරණය කළ බවයි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේ.