දෙමටගොඩ ආරාමය පාරෙන් ලබාගත් සාම්පල 5ම ඉන්දීය ප්‍රභේදයේ ආසාදිතයන් බවට හෙළිවෙයි

ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය ඇති බවට තහවුරු කෙරුණු දෙමටගොඩ ආරාමය පාරේ සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලින් ලද සාම්පල 5ක් පිළිබඳ සිදුකළ දීර්ඝ පරීක්ෂණවලින් අනතුරුව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යායතනය තහවුරු කර ගත්තේ අදාළ පරීක්ෂාවට යොදාගත් සාම්පල 5ම ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය හෙවත් (B.1.617.2) ආසාදිතයින් බවයි.

මීට අමතරව වැඩිදුර පරීක්ෂණ සඳහා කරාපිටිය මඩකලපුව සහ කොළඹ නගර සභා බල ප්‍රදේශයේ කොළඹ 6, 8 සහ 10 යන ප්‍රදේශවලින් තවත් සාම්පල ලබාගෙන තිබුණා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කෙසේවෙතත් එම සාම්පල පරීක්ෂාවේදී විශේෂ තත්වයක් වාර්තාවී නැහැ.