සංචරණ සීමා 21 වනදා අලුයම 4ට ඉවත් කෙරේ
මුළු දිවයිනටම දැනට බලපැවැත්වෙන සංචරණ සීමා ලබන 21 වනදා අලුයම හතරට ඉවත් කෙරෙනවා.
එලෙස සංචරණ සීමා ඉවත් කෙරුණද, පළාත් අතර, සංචරණය තවදුරටත් තහනම් බවයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත් මේ මස 23 වනදා රාත්‍රී 10 ට යළි මුළු දිවයිනටම දැනට බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පැනවීමට කටයුතු කර ඇති අතර, එය ඉවත්වන්නේ 25 වනදා අලුයම හතරටයි.
මේ අතර මහජන රැස්වීම්, පොදු ස්ථානවල රැස්වීම්, උත්සව සහ සාද පැවැත්වීම තවදුරටත් තහනම් වන අතර, දැඩි සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද යටතේ වෙළඳසැල් විවෘත කිරීමට පමණක් අවසරය හිමිවනවා.