රනිල්ගේ නම රජයේ මුද්‍රණාලයට

එක්සත් ජාතික පක්ෂයට මහ මැතිවරණයෙන් හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට නම් කෙරුණු හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නම ගැසට් කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත යොමු කර තිබෙනවා.

මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා ප්‍රකාශ කළේ අද දහවල් මැතිවරණ කොමිසම රැස්වීමෙන් අනතුරුව ඔහුගේ නම මෙලෙස ගැසට් කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත යොමු කළ බවයි.