යුක්රේනය මුල්ම ජය ලබද්දී බෙල්ජියම සහ නෙදර්ලන්තය දෙවැනි වටයට
“Euro 2020” පාපන්දු තරගාවලියේ මූලික වටයේ තවත් තරග තුනක් (C සහ B කාණ්ඩයේ) ඊයේ සහ අද (18) උදෑසන පැවැත්වුනා.
එහි දී පිළිවෙළින් උතුරු මැසිඩෝනියාව, ඩෙන්මාර්කය සහ ඔස්ට්රියාව පරාජය කරමින් ජයග්රහණ වාර්තා කරන්නට යුක්රේනය, බෙල්ජියම සහ නෙදර්ලන්ත ක්රීඩකයින්ට හැකි වුනා.
රුමේනියාවේ බුක්හාරෙස්ට් හී ජාතික ක්රීඩාංගණයේ පැවති මෙම තරගය ආරම්භයේ පටන් ඉතා ප්රවේගකාරී තරගයක් වූනා.
තම පළපුරුද්ද මනා ලෙස ප්රයෝජනයට ගත් යුක්රේනය උතුරු මැසිඩෝනියාව ගෝල 2-1ක් ලෙස පරාජය කරමින් මෙවර තරගාවලියේ පළමු ජයග්රහණය වාර්තා කිරීමට සමත් වුණා.
B කාණ්ඩයේ තරගයක් ලෙස ඩෙන්මාර්කයේ කෝපන්හේගන් හී පාර්කන් ක්රීඩාංගණයේ දී ඩෙන්මාර්කය සහ බෙල්ජියම අතර පැවති තරඟයද ඉතා තියුණු මුහුණුවරක් ගත්තා.
කෙසේ වෙතත් දැඩි ආක්රමණශීලි ක්රීඩා විලාශයක් දියත් කල බෙල්ජියම් ක්රීඩකයන් ගෝල 2-1ක් ලෙස තරගය ජයග්රහණය කිරීමට සමත් වුණා.
C කාණ්ඩයේ තරගයක් වූ නෙදර්ලන්තය සහ ඔස්ට්රියාව අතර තරගය පැවැත්වුනේ නෙදර්ලන්තයේ ජොඅන් ක්රයිෆ් ක්රීඩාංගණයේ දීයි.
ප්රභල නෙදර්ලන්ත කණ්ඩායම ගෝල 2-0ක් ලෙස ඔස්ට්රියාව පරාජය කරමින් තවදුරටත් තරගාවලියේ අපරාජිකත්වය රැක ගන්නට සමත් වුනා.