ජනාධිපතිතුමා, නාට්ටාමිලාගේ උපදෙස් අහලා කටයුතු කරලා අමාරුවේ වැටෙනවා : රාජිත සේනාරත්න (video)

වසංගත රෝග විද්‍යායතනය දත්ත නිකුත් කරන්නේ විද්‍යානුකූලව, පුද්ගලයක් මිය ගිය පසු PCR පරීක්ෂණයෙන් සිදුකරනවා, ඒ සදහා කාලයක් ගත වෙනවා. ඒ අනුව එම මරණය වසංගතය හේතුවෙන් සිදු වූ බවට තහවුරු කරන්න දින කිහිපයක් ගත වෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයට සෞඛ්‍යය කටයුතු කරන්න අවශ්‍ය බලතල දීලා අනිත් අය නිහඬ විය යුතුයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ජනාධිපතිතුමාට වැරදි උපදෙස් දෙන නාට්ටාමිලා සිටිනවා. වෘත්තීය සමිතියක් කොහොමද වසංගත රෝග ඒකකයේ තොරතුරු වලට අභියෝග කරන්නේ.

ජනපතිතුමන් නාට්ටාමිලාගේ උපදෙස් අහලා කටයුතු කරලා අමාරුවේ වැටෙනවා.

ලෝකයේ දියුණුම එන්නත් ක්‍රියාවලිය තිබුනේ අපේ රටේ, ඇමරිකා එක්සත් ජනපදයත් අපට වඩා පසුපසින් සිටියේ, නමුත් අද වන විට එන්නත් ක්‍රියාවලිය අන්තිම අසාර්ථකයි යනුවෙන් මාධ්‍ය වෙත රාජිත සේනාරත්න මහතා අදහස් පළ කළේය.