ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීධූර සංඛ්‍යාවේ වෙනසක්
2020 ඡන්ද හිමි නාමලේඛන සංශෝධනයට අනුව දිස්ත්‍රික්ක දෙකකට අදාළව පාර්ලිමේන්තුවට තෝරාපත් කර ගන්නා මන්ත්‍රීවරුන් සංඛ්‍යාවේ වෙනසක් සිදුව තිබේ.
2020 ඡන්ද හිමි නාමලේඛනය ගැසට් මඟින් ප්‍රකාශයට පත්කිරීම සඳහා මේ වන විට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇති බවමැතිවරණ කොමිසම පැවසුවේය.
එහි අතිරේක මැතිවරණ කොමසාරිස් රසික පිරිස් මහතා සඳහන් කළේ, එම ලේඛනයට අනුව යාපනය දිස්ත්‍රික්කයට එක් මන්ත්‍රීධුරයක් අඩුවන අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් තෝරාපත් විය යුතු මන්ත්‍රීධුර සංඛ්‍යාව 01කින් ඉහළ යන බවය.
ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත මන්ත්‍රීධුර සංඛ්‍යාව 19ක් සහ යාපනය දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ධුර සංඛ්‍යාව 06ක් ලෙස වෙනස් වනු ඇත.