මම පාර්ලිමේන්තු එන්න හිතාගෙන හිටියේ නෑ …. රනිල් කියයි
රටේ පවතින වත්මන් කොවිඩ් -19 තත්ත්වය සහ දේශපාලන පසුබිම හේතුවෙන් තමන්ට නැවතත් පාර්ලිමේන්තුවට ඒමට සිදුවූ බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා පවසනවා.
අද දින මාර්ගගත ක්රමයට පැවති වැඩසටහනකට එක් වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අගමැතිවරයා කියා සිටියේ, “මම පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට කිසිදු අයුරකින් අදහස් කරගෙන සිටියේ නෑ. නමුත් රටේ පවතින කොවිඩ් -19 තත්ත්වයත් සමග බොහෝ දෙනා ගෙන් ඉල්ලීමක් ආව නිසා ඒ තීරණය ගැනීමට සිදුවුණා” බවයි.
කොවිඩ් හේතුවෙන් බොහෝ දෙනා මියයාම සම්බන්ධයෙන් අදහස් පළකරමින් ඔහු කියා සිටියේ ” තමන් ඒ සම්බන්ධයෙන් පැමිණ හඩක් නැගිය යුතු බවට විශ්වාසකරන” බවයි.
” දේශපාලනිකව ගත් කළ ආණ්ඩුවක් මේතරම් ඉක්මනින් ජනතාව අතරේ සිය ජනප්රියතාවය බාල කර ගැනීම හා ඊට සමාගාමිව විපක්ෂය සිය වගකීම් ඉටු නොකරන තත්ත්වයක් මා මිට පෙර දැක නැහැ. එය බරපතල තත්ත්වයක්” හිටපු අගමැතිවරයා පෙන්වා දුන්නා.