දරුවන් අතර කොවිඩ් සමග සම්බන්ධ රෝගයක් – වෛද්‍යවරුන් අනතුරු අඟවයි
කොරෝනා රෝගය හා සම්බන්ධ ඉතා බරපතළ තත්ත්වයක් දරුවන් සම්බන්ධයෙන් මතුව තිබෙන බව කොළඹ ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාරව සිටින විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පවසනවා.
විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා කියාසිටියේ කොවිඩ් වෛරසය ආසාදනය වී සති 2 – 6ක් පමණ කාලයක් ගතවන විට එම Multi System Inflammatory Syndrome නැමති නව රෝගී තත්ත්වය දරුවන් තුළ හට ගන්නා බවයි.
එම රෝගී තත්ත්වයට දරුවන් නොදැනුවත්ව ම ගොඳුරු වී සිටිම එහි ඇති බරපතළ තත්ත්වය වන බව ද මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පේනවා දුන්නා.
මේ වන විට එම රෝගී තත්ත්වයට පත්වු වයස අවුරුදු 8 ත් 15ත් අතර වු දරුවන් 6 දෙනෙක් රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද වෛද්‍යවරයා කියා සිටියා.
උණ, දැඩි ඇඟේ වේදනාව, වමනය, බඩේ අමාරුව, පාචනය, ඇස් රතු වීම, ඇඟේ දද වැනි ස්වභාවයක් හට ගැනීම එම රෝගයේ ප්‍රධාන ලක්ෂණ වන බවත් එහි භයානක තත්ත්වය වන්නේ හෘද වස්තුවට බලපෑම් කර රුධිර පීඩනය අඩුවීමෙන් දරුවා මියයෑම බව ද වෛද්‍යවරයා සඳහන් කළේ.
මෙය අලුත් රෝගී තත්ත්වයක් වන බවත් මෙය 2020 අප්‍රේල මාසයේ දී එංගලන්තයේ දී හඳුනාගත් බව ද පැවසු වෛද්‍ය නලින් කිතුල්වත්ත , ඉහත දැක්වු රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්නා බවත් සඳහන් කර සිටියා.