විමල් දුක කියයි…මා යටතේ පොස්පේට් ලාබය කෝටි 10 පැන්නා.. පාඩු ලබන ආයතන ලාබ ලබන හැටි ඉගෙන ගන්න
තමන්ගේ පාලන කාලයේ යටතේ ලංකා පොස්පේට් සමාගම රුපියල් කෝටි 10 ඉක්මවා ලාභයක් ලැබූ බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව පෙන්වා දී ඇත.
එම සම්පූර්ණ සටහන මෙසේය.
”වසර ගණනාවක් පුරා පාඩු ලබමින් තිබූ ලංකා පොස්පේට් සමාගම 2015 යහපාලන ආණ්ඩු සමයේ සිය දැවැන්තම පාඩුව වාර්තා කළේ සමස්ත අලාභය රුපියල් මිලියන 80.8ක් ලෙස සටහන් කරමිනි.
එතැන් පටන් දිගින් දිගටම පාඩු ලබමින් පැවති ලංකා පොස්පේට් සමාගම නව ආණ්ඩුවේ කර්මාන්ත අමාත්‍යවරයා වන මා යටතේ 2020 අග භාගයේ සිට 2021 ජුනි දක්වා රුපියල් මිලියන 104.6 ක් ඉක්මවූ ලාභයක් වාර්තා කරන ලදී.