ජපන් ඔලිම්පික් ක්‍රීඩකයන්ට කොන්ඩම් 160,000ක් නොමිලේ

ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන ඔලිම්පික් තරඟාවලිය වෙනුවෙන් එක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා උපත් පාලන කොපු 160,000ක් නොමිලේ නිකුත් කිරීමට මෙවර ඔලිම්පික් සංවිධායකයින් පියවර ගෙන තිබෙනවා.

ලබන මස 23 වනදා එය ආරම්භ වීමට නියමිතයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කෙසේ වෙතත් එම උපත් පාලන කොපු තරඟාවලිය පැවැත්වෙන කාල සීමාව තුල කිසිඳු ක්‍රීඩක ක්‍රීඩිකාවකට භාවිත කිරීමට අවසර ලබා නොදෙන බවයි ඔලිම්පික් සංවිධායකයින් පවසන්නේ.

සංවිධායකයින් වැඩිදුරටත් කියාසිටියේ එලෙස ලැබෙන උපත් පාලන කොපු ඔලිම්පික් තරඟාවලිය අවසන් වූ පසු එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිහිවටනයක් ලෙස රැගෙන යාමට අවසර හිමිවන බවයි.

ගෝලීයව පැතිර යන කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් තරඟාවලියට එක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ශාරීරික වශයෙන් කිසිඳු සබඳතාවක් පැවැත්වීමට අවසර ලබා නොදෙන බව මෙවර ඔලිම්පික් සංවිධායකයින් පවසා සිටියා.