දරුවන් 10 දෙනෙකු බිහි කළ දකුණු අප්‍රිකානු කතගේ අලුත්ම හෙළිදරව්ව

දකුණු අප්‍රිකාවේ Gosiame Thamara Sithole නම් කාන්තාව විසින් නිවුන් දරුවන් 10 දෙනෙකු බිහි කළ බවට පවසමින් මිට සති කිහිපයකට පෙර ලොවපුරා ජාත්‍යන්තර මාධ්‍යයේ අවදානය දිනා ගත් පුවත අසත්‍ය බවට කරුණු හෙළිවෙමින් තිබෙනවා.

ඒ දකුණු අප්‍රිකානු බලධාරින් සහ එම කාන්තාවගේ සහකරුවා විසින් නිකුත් කර ඇති නිවේදයන් පදනම් කර ගෙනයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

දකුණු අප්‍රිකාවේ, Gauging ප්‍රාන්ත බලධාරීන් සඳහන් කරන්නේ එහි පිහිටි කිසිදු රජයේ හෝ පෞද්ගලික රෝහලක එවැනි දරු උපතක් සිදුවූ බවට සාක්ෂි සටහන්ව නොමැති බවයි.

මෙම දරුවන්ගේ පියා වන Teboho Tsotetsi නිවේදනයක් නිකුත් කරමින් සිටියේ තමන් අවස්ථා කිහිපයකදීම සිය සහකාරියව හමුවීමට ගොස් දරුවන් ගැන විමසා සිටියත් ඇය ඒ පිලිබඳ කිසිදු තොරතුරක් ලබා නොදුන් බවයි.

එමෙන්ම එම දරුවන්ගේ තත්ත්වය ගැන හෝ සඳහනක් නොකළ බවයි.