ත්‍රස්තවාදය වැළැක්වීමේ පණතට මොකද වෙන්නේ !!
ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත සංශෝධනය කිරීම සදහා රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වෙනවා.
මේ සඳහා අවශ්‍ය නිර්දේශ සකස් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත යොජනාවක් ඉදිරිපත් කර ඇති බව අනාවරණය වී තිබෙනවා.
ආරක්ෂක, මහජන ආරක්ෂක සහ විදේශ කටයුතු යන අමාත්‍යංශවල දායකත්වයෙන් පිහිටුවන මෙම කමිටුව විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පණතේ සිදුවිය යුතු සංශෝධන පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ජා කර කැබිනට් මණ්ඩලය වෙත නිර්දේශ නිකුත් කිරීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.