මුහුදු සතුන් මැරෙන්නේ වාරකන් නිසා කියලා මම කිව්වේ නෑ – නාලක ගොඩහේවා කියයි

මුහුදු සතුන් මිය යෑමට හේතුව වාරකන් යැයි තමා නොපැවසූ බවත් සමස්ත වීඩියෝ පටය බලා යමක් කිව යුතුව ඇති බවත් රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසනවා.

වරකාපොල පැවැති උත්සවයකින් අනතුරු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කලා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

“මම කිසිම වෙලාවක මුහුදු සතුන් මැරෙන්නෙ වාරකන් කාලෙදි කියල නැහැ. මොනව හරි දෙයක් කියන කොට මූලාශ්‍රය බලන්න ඕනෑ.

මම පරිසරවේදියකු නොවෙයි. ඒ නිසා මේ ප්‍රශ්නයට උත්තරය මම දන්නේ නැහැ. නමුත් ඒකෙ සත්‍ය අසත්‍යතාවය පරිසරවේදියකු ගෙන්ම අහන්න ඕනෑ. එහි මූලයේ අදහස් කපල තමයි දාල තියෙන්නෙ. එය අසත්‍ය ප්‍රවෘත්තියක්” යැයි ඔහු පැවැසීය.