පෙර මෙන් කටයුතු කළහොත් ඩෙල්ටා ප්‍රභේදය සමග ඉදිරියේදී දැඩි අර්බුධයක් ඇතිවිය හැකියි..විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම
පසුගිය කාලයේ කටයුතු කළ ආකාරයෙන් ජනතාව ඉදිරියේදී ද කටයුතු කළහොත් දැඩි අර්බුදකාරී තත්ත්වයත් උද්ගත විය හැකි බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසනවා.
රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශය වූ වැඩසටහනකට සහභාගී වෙමින් ඔහු මේ බව කියා සිටියා.
“දැනට තියෙන අනෙක් ප්රභේදවලයි ඩෙල්ටා ප්‍රභේදයේ රෝග ලක්ෂණවල ලොකු වෙනසක් වාර්තා වෙන්නේ නෑ. ප්‍රධානම දේ වෙන්නේ ඩෙල්ටා ප්‍රභේදය සීඝ්රයෙන් පැතිරෙනවා. බරපතළ තත්ත්වයන් සංකූලතා ඇතිවීමේ ඉඩකඩ වැඩියි. ඇල්ෆා ප්‍රභේදය ලංකාවේ පැතිරීමට ප්‍රධාන සාධකයක් වූණේ අපේ තිබුණු හැසිරීම් රටාවේ වෙනස. විශේෂයෙන් අලුත් අවුරුදු සමයේ. අපි ආයෙත් ඒ වගේ හැසිරෙන්න ගියොත් ඩෙල්ටා ප්‍රභේදයත් එක්ක අපි ආයෙත් ලොකු අනතුරකට පත්වෙනවා.” එහිදී තවදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පෙන්වා දුන්නා.