අගෝස්තු-සැප්තැම්බර් වෙද්දී රට පුරා මිනී කදු ගොඩගැසේවි..- රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය

පවතින වසංගත ව්‍යාප්තිය හමුවේ රට හුදෙකලා කිරීමක් සිදු නොකළ හොත් අගෝස්තු – සැප්තැම්බර් මාස වන විට මිනී කඳු රට පුරා ගොඩ ගැසීමට ඉඩ ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පවසනවා.

එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා කියා සිටියේ පවතින වසංගත තත්ත්වය මත තවත් සති 3කට වත් රට තුළ දැඩි සංචරණ සීමා පැනවිය යුතු බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

වසංගත ව්‍යාප්තිය ට මුවා වී ඇතැම් වෘත්තීය සමිති තම ධූර කාල දීර්ඝ කර ගැනීමට කටයුතු කරමින් ඇති බවත් එය වැරැදි පූර්වාදර්ශයක් බවත් හෙතෙම පෙන්වා දෙනවා.

ඔහු මෙම අදහස් පළ කළේ නාරාහෙන්පිට අභයාරාමයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනන්.