ආයතන වල ප්‍රධානීන්ට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම්දීමක්
බස්නාහිර පළාතේ අත්‍යාවශ්‍ය සහ අත්‍යාවශ නොවන සේවා ගණයට අයත් සියළු අමාත්‍යාංශ, ආයතන සහ අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයින් සේවයට කැදවීමේ ක්‍රියාවලියේ වෙනසක් සිදුකර තිබෙනවා.
ඒ අනුව අත්‍යාවශ්‍ය සේවා ගණයට අයත් සියළු අමාත්‍යාංශ, ආයතන සහ අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයින් සේවයට කැදවීමේදී එම ආයතනවල ප්‍රධානියාට අත්‍යාවශ්‍ය ප්‍රමාණයට පමණක් නිලධාරීන් සහ සේවකයින් ගෙන්වා ගත යුතුයි.
අත්‍යාවශ්‍ය නොවන සේවා ගණයට අයත් සියළු අමාත්‍යාංශ, ආයතන සහ අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයින් සේවයට කැදවීමේ දී එක් සතියක් තුළ සේවයට කැදවිය හැක්කේ උපරිම දින 2ක් පමණයි. එලෙස ගෙන්වීමට හැකි වුවද එය කළ යුත්තේ අදාළ සේවකයින්ට නිවසේ සිට රාජකාරී සිදුකිරීමට නොහැකි නම් පමණක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
එසේම පොදු ප්‍රවාහන සේවා, අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් වෙන් කර ඇති බැවින් එලෙස සේවා ස්ථානයට ගෙන්වන සේවකයින් සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව නිවසේ සිට කාර්යාලය වෙත අවශ්‍ය පරිදි ප්‍රවාහන පහසුකම් ලබාදිය යුතුයි.
පෞද්ගලික අංශයේ කාර්යාල පවත්වා ගත යුත්තේ අවම කාර්ය මණ්ඩලයක් යටතේ වන අතර හැකි සෑම විටම නිවසේ සිට රාජකාරී කිරීම ඔවුන් උනන්දු කළ යුතු බව ද අදාළ නිවේදනයේ දැක්වෙනවා.