නවසීලන්තයේ දරුවන්ට ෆයිසර් එන්නත
නවසීලන්තය, වයස අවුරුදු 12 ත් 15 ත් අතර ළමයින්ට ෆයිසර් එන්නත ලබාදීමට අනුමැතිය ලබාදී තිබෙනවා.
අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩන් නිවේදනය කළේ විද්‍යාත්මක සහ වෛද්‍ය දත්ත සැළකිල්ලට ගනිමින් එම එන්නත ළමයින් සඳහා ලබාදීමට අනුමැතිය ලබාදෙන බවයි.
මේ වනවිට නවසීලන්තය තුළ ෆයිසර් එන්නත් මිලියනයක් පමණ ලබාදී ඇති අතර, එය, එරට මුළු ජනගහණයෙන් පහෙන් එකක්.