ඉන්දියාවෙන් ගෙන ආ කාබනික පොහොර බහලුම් තුනක් රේගු භාරයේ

ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ලද කාබනික පොහොර අඩංගු බහලුම් 3ක් රේගු භාරයට ගෙන තිබෙනවා.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවසරය ඇතිව මෙරටට ආනයනය කරන ලද එම පොහොර තොග රේගු භාරයට ගෙන ඇත්තේ ආනයන පාලකවරයා වෙත ඉදිරිපත් කර ඇති කේත අංකයට පරිබාහිරින් ඒවා ආනයනය කිරීම හේතුවෙන්.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කෙසේ වෙතත්, අප කළ විමසීමකදී රේගු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ අදාළ බහාලුම් තුනේ පොහොර කිලෝ 77,881ක් එහි අඩංගු බවයි.

එම පොහොර තොගය ඔරුගොඩවත්ත බහලුම් පර්යන්තයේ ගබඩා කර ඇති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ද ක්‍රියාත්මක බවයි.

මේ අතර පොහොර හිඟය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගොවීන් දැඩි අපහසුතාවට පත්ව සිටිනවා.

නිසි වේලාවට පොහොර නොලැබීම හේතුවෙන් දැඩි පරිශ්‍රමයක් දරා ආරම්භ කළ වගාවන් විනාශ වෙමින් පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ අතර, කල්පිටිය අර්ධද්වීපයේ පාලකුඩා ප්‍රදේශයේ එළවළු ගොවීන් ද පොහොර නොමැති බව පවසමින් අද පෙරවරුවේ උද්ඝෝෂණයක නිරත වුණා.

මේ අතර, පොහොර හිඟය හමුවේ දැඩි පරිශ්‍රමයක් දරා ආරම්භ කළ වී වගාවට නිසි පරිදි ජලය නොලැබීම හේතුවෙන් තමන් අසීරුතාවට පත්ව ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහවැලි සී කලාපයේ ගොවීන් පවසනවා.

ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් විධිමත් ලෙස ජලය ලබාදීමට කටයුතු කරන ලෙසයි.