කොරෝනා පාලනය ගිලිහෙන ලකුණු – GMOA

සංචරණ සීමා ඊයේ දිනයේ ලිහිල් කිරීමෙන් පසු ජනතාවගේ හැසිරීම් ඉදිරියට ද පැවතුණහොත් කොරෝනා පාලනය රටෙන් ගිලිහී යෑම අනිවාර්ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සඳහන් කරන්නේ ඊයේ දිනයේ ජනතාව බැංකු, උකස් මධ්‍යස්ථාන, මත්පැන් අලෙවිසල් වෙළඳසැල් වැනි ආයතන ඉදිරියේ හැසුරුණේ සෞඛ්‍ය උපදෙස් තුට්ටුවකට නොසලකමින් බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ ආකාරය තත්ත්වයන් ඇති නොවීමට සේවා සපයන ආයතනයක් මහජනතාවත් වගකීමෙන් කටයුතු කළ යුතු බවද ඔහු පෙන්වා දෙනවා.

සෞඛ්‍ය නීති නොසලකමින් ජනතාව තම වගකීම අතහරිමින් මෙලෙස කටයුතු කළහොත් කොරෝනා පාලනය කර ගැනීම ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය වීමට ඉඩ තිබෙන බවද ඔහු කියා සිටියේය.