නව චක්‍රලේඛයක් – සමාජය තුල පොකුරු ඇතිවීමේ අවදානමක් – PHI වරු කියයි
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විසින් නිකුත් කරනු ලැබ ඇති නව චක්‍රලේඛයක් හේතුවෙන් මෙරට ඉදිරියේදී කොරෝනා ආසාදිතයන් වාර්තාවීම අඩුවෙන් පෙන්නුම් කරනු ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
නමුත් එය සත්‍ය ලෙසම ආසාදිතයන් අඩුවක් නොවන බවද සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙනවා.
නිරෝධායනයට ලක්කරන ලද පුද්ගලයන් ඉන් මුදා හැරීමේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳවත් ඔවුන්ගේ පළමු පෙල ආශ්‍රිතයන් පරීක්ෂණවලට ලක් කිරීම පිළිබඳව මෙසේ නව චක්රලේඛයකින් උපදෙස් ලබාදී ඇති බව සදහන්.
දින 21 ක කාලයක් නිරෝධායනය කර සිටින පළමු පෙළ ආශ්‍රිතයන් PCR පරීක්ෂණයකට ලක් නොකර නිදහස් කිරීමට උපදෙස් ලැබී ඇති බවත් එනිසා ඉදිරියේදී කොරෝනා ආසාදිතයන්ගේ අඩුවක් දකින්නට ලැබෙනු ඇති බවත් ඔහු සඳහන් කලා.
මේ තත්ත්වය මත පළමු පෙළ ආශ්‍රිතයන්ගේ ආශ්‍රිතයන් කවුදැයි කියා සොයා බැලීමක් සිදු නොවන නිසා ඉදිරියේ දී සමාජයතුල පොකුරු ඇතිවීමේ අවදානමක් ඇති බව ද උපුල් රෝහණ මහතා ප්‍රකශ කළා.