‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 16 වන පියවර
සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහන සහ ඊට සමගාමිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන දියත් කරනු ලබන ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 16 වන පියවර ලෙස අද (22) විපක්ෂ නායක කාර්යාලයේ දී රුපියල් විසිතුන් ලක්ෂ විසිදහසක් (රු. 2,320,000.00) වටිනා (Dialysis machine 01) රෝහල් උපකරණයක් කිලිනොච්චි දිස්ත්‍රික් රෝහල් අධ්යක්ෂ වෛද්‍ය සරවනභවන් මහතා වෙත පරිත්‍යාග කරනු ලැබීය.
මෙම අවස්ථාවට සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, එහි ජාතික සංවිධායක තිස්ස අත්තනායක,ජ් යෙෂ්ඨ උප සභාපති රාජිත සේනාරත්න, දොස්තර කාවින්ද ජයවර්ධන, ද්‍රවිඩ සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. සුමන්තිරන්, ඩී.සිද්ධාර්ථන්, ශාන්ක්යන් රාසමාණික්කම් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු වස් සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජනබලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ “ජනසුවය” ව්‍යාපෘතිය එක්ව “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහන ක්‍රියාත්මක කරයි.