ගර්භනී මව්වරුන්ට එන්නත් දීම අකාර්යක්ෂමයි – ප්‍රසව හා නාරි වෛද්‍ය සංගමයෙන් චෝදනා
එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා කියා සිටියේ අගෝස්තු 14 වන දා වන විට සුදුසුකම් ලැබූ ගර්භනී මව්වරුන්ට එන්නත් මාත්‍රා දෙකම ලබාදී අවසන් කළ යුතුව ඇති බවයි.
ගර්භනී මව්වරුන්ට කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමට පසුගිය දා තීරණය කෙරුණු අතර විවිධ රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන අවදානම් කණ්ඩායම් ලෙස හදුනා ගන්නා ගර්භනී මව්වරුන්ට ප්‍රමුඛතාව ලබාදෙමින් එන්නත්කරණය සිදුකිරීමටයි අනුමැතිය හිමිවුණේ.
ඒ අනුව ගර්භනී මව්වරුන්ට එන්නත් ලබාදීම පසුගිය 9 වන දා සිට සංකේතාත්මකව ආරම්භ කෙරුණා.
දැනට එන්නත්කරණය සිදුකරන ප්‍රදේශවල අවදානම් ගර්භනී මව්වරුන් හඳුනා ගනිමින් එන්නත් ලබාදීම සිදුකෙරෙන බවයි පවුල් සෞඛ්‍ය කාර්යාංශය සඳහන් කළේ.