ඇමෙරිකානු රාජ්‍ය ලේකම් දිනේෂ් ගුණවර්ධන ඉදිරියේ චීනයට ඇන්න ටොක්ක…

ශ්‍රී ලාංකිකයින් සිය ස්වෛරීත්වය සහ නිදහස ආරක්ෂා කර ගනිමින් තිරසර සංවර්ධනයකට ළඟා වනු දැකීම ඇමෙරිකාවේ අපේක්ෂාව බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ මහතා අද පැවසීය.

විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග පැවැති ද්වපාර්ශ්වික සාකච්ඡාවෙන් අනතුරුව පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී ඔහු ප්‍රකාශ කළේ, තම සංචාරයේදී දෙරට අතර වෙළෙඳාම සහ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් මෙන් ම ආරක්ෂක සහයෝගීතාව සම්බන්ධයෙන් ද සාකච්ඡා කළ බවය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන රටවල් දෙකක් ලෙස ඇමෙරිකාවට සහ ශ්‍රී ලංකාවට සමාන දැක්මක් ඇති බව ඔහු පැවසීය.

ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කරමින් ශ්‍රී ලංකාවේ සංවර්ධනයට දායක වීම ද සිය අපේක්ෂාව බව ඔහු පැවසීය.

කෙසේ වෙතත්, චීනයේ දැක්ම ඊට වඩා ‘බෙහෙවින් වෙනස් එකක්’ බව ද ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙහිදී ප්‍රකාශ කළේය.