රනිල් අද පාර්ලිමේන්තුවට ….. (Video)
2020 මහ මැතිවරණ ප්‍රථිඵලයට අනුව එක්සත් ජාතික පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය වෙනුවෙන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී දිවුරුම්දීමට නියමිතව තිබෙනවා.
පසුගිය වසරේ අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරණයේදී දිස්ත්‍රික් මට්ටමින් කිසිදු පාර්ලිමේන්තු ආසනයක් දිනා ගැනීමට එක්සත් ජාතික පක්ෂයට හැකිවූයේ නැහැ.
කෙසේවෙතත් සමස්ත දිවයිනෙන්ම ඡන්ද දෙ ලක්ෂ 49 දහස් 435 ක් එනම් සියයට 02 යි දසම 01 යි 05 ක ඡන්ද ප්‍රතිශතයක් පමණක් හිමිකරගත් ඔවුන්ට එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණක් හිමිවුණා.
මාස 10 කට වැඩි කාලයක් පුරා එය පුරප්පාඩුව පැවති අතර එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණයකට අනුවයි එම මන්ත්‍රී ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා අද දිවුරුම් දෙනු ලබන්නේ.