කුලසිරි බුදවත්ත මහතා අභාවප්රාප්ත වෙයි
ප්රවීණ නර්තනාචාර්ය කුලසිරි බුදවත්ත කලාකරුවා අභාවප්රාප්ත වී තිබෙනවා.
මියයනවිට ඔහු 71 හැවිරිදි වියේ පසුවූවා.
උඩරට සහ පහතරට නර්තන සම්ප්රදායන් දෙකෙහිම විශේෂඥතාවක් දැක්වූ කුලසිරි බුදවත්තයන් මෙරට නර්තන කලාවේ ප්රගමනයට ඉමහත් දායකත්වයක් සැපයූ ප්රවීණ නර්තන ශිල්පියෙක්.
සාම්ප්රදායික දේශීය නර්තන කලාවේ අක්මුල් සිඳ බිඳ නොගත් නව නර්තන පරපුරක් බිහිකිරීමේ මෙහෙවරට ප්රමුඛව දායකත්වය සැපයූ කුලසිරි බුදවත්තයන්ගේ ගුරුහරුකම් ලැබ නර්තන කලාවට පිවිසි පිරිස් බොහෝමයි.
අවුරුදු දෙකකට ආසන්න කාලයක් අසනීප තත්වයෙන් සිටි මෙම කලාකරුවා සිය දිවි සැරියේ 71 වන ඉම පසුකරද්දී එයට සමුදුන්නේ ගල්කිස්ස කලාපුරයේ පිහිටි සිය නිවසතුළදීයි.