සංචාරක ක්ෂේත්රයේ ගැටළු ගැන සාකච්ඡාවක් ලබන සතියේ
කොරෝනා වසංගත තත්වය හමුවේ බිඳ වැටී ඇති සංචාරක ක්ෂේත්රයේ නිරතවූවන්ට රජය ලබාදී ඇති සහන ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් ලබන 29 වනදා විශේෂ සාකච්ඡාවක් පවත්වන බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කළා.
මුදල් හා ප්‍රාග්ධන වෙළඳපල සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සහ මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි.
සංචාරක කර්මාන්තයට අදාළ විවිධ අංශ නියෝජනය කරන සංවිධාන සහ නියෝජිතයින් ඊට සහභාගිවන බවයි සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ.