නගරාධිපතිගේ රියැදුරුට කොරෝනා

පානදුර නගරාධිපති නන්දන ගුණතිලක මහතාගේ රියැදුරුට කොවිඩ්-19 වැළඳී ඇතැයි පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ප්‍රකාශ කරයි.

රියැදුරු රැකියාවට අමතරව ඔහු සෑම දිනක ම අලුයම පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට කුලී ගමනක් යන අයෙකු බව අනාවරණය වී ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට ආ ගිය පුද්ගලයන්ට PCR පරීක්ෂණ සඳහා යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කළ නිවේදනවලට අනුව ඔහු ද PCR පරීක්ෂාවකට යොමු වී ඇත.

පෙරේදා (26) නිකුත් වූ ඔහුගේ PCR වාර්තාවට අනුව ඔහු ආසාදිතයෙකු බව සනාථ වී ඇත.

මේ හේතුවෙන් නගරාධිපතිවරයා ඇතුළුව නගර සභාවේ සේවක සේවිකාවන් 300 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතය.