ජනපතිගේ ජාතිය ඇමතීමේ කතාවෙන් පෙනෙන්නේ නොහැකියාවයි, අපේක්ෂාභංගත්වයයි පමණයි – සජිත්

ජනාධිපතිගේ ජාතිය ඇමතීමේ කතාවට විපක්ෂ නායක සජිත් ප්‍රතිචාර දක්වයි.

ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතීමේ කතාව සහමුලින්ම ජනතා අපේක්ෂාවන් සුනු විසුනු කළ කථාවක් බවත්, මෙයින් ඔප්පු වුණේ ආණ්ඩුවේ නොහැකියාව සහ අසාර්ථකත්වය පමණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ජනතාව වෙනුවෙන් කඩිනමින් ඉටු විය යුතු කරුණා හයක් පිළිබඳව ජනාධිපති වරයාගේ අවධානය යොමු කිරීමට තමන් ඇතුළු සමගි ජන බලවේගය ඊයේ විශේෂ ප්‍රකාශයක් කළ බවත් අඩුම තරමේ ඒ කිසිවක් පිළිබඳව ජනාධිපතිවරයා සිය අවධානය යොමු නොකළ බවද විපක්ෂනායකතුමා පැවසීය .

සමගි ජන බලවේගයේ “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත දිවයින පුරා ක්‍රියාත්මක ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 18වන පියවර ලෙස රුපියල් ලක්ෂ තිස්තුනක් (3,300,000/-) වටිනා අත්‍යාවශ්‍ය රෝහල් උපකරණ මාතලේ ලග්ගල රෝහලට අද(26) පරිත්‍යාග කරනු ලැබූ අතර එම අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ අදහස් ප්‍රකාශ කළේය .

රුපියල් 450,000 වටිනා Multipara Monitor යන්ත්‍ර දෙකක්, රුපියල් 1,200,000 වටිනා Highflow Oxigen යන්ත්‍රයක්, රුපියල් 1,200,000 වටිනා Bipap Machine යන්ත්‍රයක් ලග්ගල ප්‍රාදේශීය රෝහල් අධ්‍යක්ෂ අභිෂේක් සංකල්ප මහතා වෙත මෙලෙස පරිත්‍යාග කරනු ලැබීය.

කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු වස් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ “ජනසුවය” ව්‍යාපෘතිය එක්ව “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.