තවත් මරණ 43ක්
ඊයේ (25) දිනයේ කොවිඩ් ආසාදිත මරණ 43ක් සිදුවී ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද තහවුරු කර තිබෙනවා.
මේ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ ගණන 2905ක් දක්වා ඉහළ ගියා.
අද තහවුරු කළ මරණ අතරින් 18ක්, කාන්තා මරණ වන අතර, 25ක් පිරිමි පුද්ගලයින් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.
මේ අතර, කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2172දෙනෙකු අද (26) දිනයේ පිටවගොස් තිබේනවා.
ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 216,840ක්.